2024 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

0

2024 අයවැය ඡන්ද විමසීම අද (13) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 41න් සම්මත විය.

අය වැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81ක් පමණි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය මස 13 වනදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඊට පසුදින අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කළ අතර එය දින 7ක් පුරා ක්‍රියාත්මක වුණා.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඉන් අනතුරුව පැවති අතර එහිදී එය වැඩි ඡන්ද 45කින් සම්මත වුණේ පසුගිය මස 21 වන දිනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *