2024 ජනාධිපතිවරණය, සැප්තැම්බර් මාසයේදී 

0

2024 මැතිවරණ වසරක් ලෙස නම් කරද්දීම එක්සත් ජාතික පක්ෂය මැතිවරණයක් සදහා සූදානම් වන බවට වන උණුසුම් ප්‍රවෘත්තියක් අද දින වාර්තා විය. ඒ ජනාධිපතිවරයාගේ මූළිකත්වයෙන් රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමණාකරණ රැස්වීමේදී ගත් තීරණයකට අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ජනාධිපතිවරණය පැවැත්වීම සදහා කටයුතු යොදන බවත්. 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වීමට හා මාර්තු මාසය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කළ බවත්ය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ජනවාරි මස 13 වන දින ගාල්ලේදී පැවැත්වෙන ජන රැළියකින් අනුතුරුව පක්ෂයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවද මේ හමුවේදී සාකච්ඡා වූ බව වැඩිදුරතටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *