වනා­ත­වි­ල්ලුව උඳු­නේදී කෝටි 2,089ක මත්ද්‍රව්‍ය අළු වේ

පෙරේදා (29)පුත්ත­ලම වනා­ත­වි­ල්ලුව ලැක්ටෝස් වත්තේ ඉදි කළ අධි­බ­ලැති උඳු­නේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රින් සහ නාවික හමුදා නිල­ධා­රින් විසින් ගැඹුරු මුහුදේ 2020 වසරේ දී සහ 2019 වස­රේදී සිදු කළ වැට­ලී­ම්ව­ලින් අත්අ­ඩං­ගු­වට ගත් රුපි­යල් කෝටි 2,089.5කට අධික වටි­නා­ක­ම­කින් යුතු මත්ද්‍රව්‍ය කිලෝ 1208යි ග්‍රෑම් 756ක් ගිනි තබා විනාශ කෙරිණ.

අධි­ක­රණ විනි­සු­රු­ව­රුන්, අන්ත­රා­ය­කර ඖෂධ පාලක මණ්ඩ­ලයේ නියෝ­ජි­ත­යන්, රජයේ රස පරී­ක්ෂක සහ මාධ්‍ය­වේ­දීන් මෙන්ම මත්ද්‍රව්‍ය නිවා­රණ කාර්යාං­ශයේ නියෝ­ජි­ත­යන්, මේ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම විනි­වි­ද­භා­ව­ය­කින් සිදු කිරීම සඳහා  එක්ව සිටි­යහ.