අතුරුගිරිය මාර්ග සංවර්ධනය සඳහා ලක්ෂ 2800ක්

ප්‍රවාහන මහා මාර්ග අමාත්‍යංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කෙරෙන අතුරුගිරිය මංසන්ධිය පුළුල් කොට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී,ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ ආරාධනයෙන් ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

විධිමත් සැලසුමකට අනුව අතුරුගිරිය මංසන්ධිය පුළුල් කොට සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 2800ක මුදලක් වැය කිරීමට නියමිත ය.