ජනපති ශිෂ්‍යත්ව 116,000 කට මිලියන 3,600ක් වෙන් කෙරෙයි

මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘ජනාධිපති ශිෂ්‍යත්ව 2024’ වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116, 000ක් පිරිනැමීමට නියමිතව තිබේ.

 ඒ අනුව අ.පො.ස උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000ක් වෙනුවෙන් මාසයකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 824ක් වෙන් කර තිබෙන අතර 1 ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් 100, 000ක් වෙනුවෙන් මසකට රුපියල් 3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3600ක් වේ.