උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට තිස්අට දහසක් අයැදුම් කෙරේ

මෙවර උසස් පෙළ (2023) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සිසුන් 38,064ක් අයැදුම් කර ඇත.

මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව පසුගිය 19 වැනිදා තෙක් නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම් කාලය ලබාදී තිබේ.

එලෙස අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී අයැදුම්කරුවන් විසින් විෂයන් 01,02,03 වශයෙන් ඉල්ලීම් කර තිබෙන බවත් ඒ අනුව ඒවා  වර්ගීකරණයට ලක්කරමින් සිටින බවත් නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා  ප්‍රකාශ කරන ලදි.