ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයන් ලක්ෂ 2ක වැඩිවීමක්

2024 නව ඡන්ද හිමි නාමලේඛනය යටතේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මේ වනවිට නව ඡන්ද නාමලේඛනය සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවති.

ලබන ජූලි 15 වැනිදා වනවිට අවසන් ලේඛනයට අත්සන් කිරීමට කොමිසම කටයුතු කරමින් සිටී.

2023 වසරේ ඡන්ද නාමලේඛනයට සාපේක්ෂව මෙවර නව ඡන්දදායකයන් ලක්ෂ දෙකකින් පමණ වැඩිවනු ඇති බව මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.