ජනාධිපති ශිෂ්‍යත්වය තවත් සිසුන් 550කට  පිරිනැමෙයි

ශ්‍රී ලංකාවේ දරුපරපුර තුළ   අධ්‍යාපනය  ලැබීමේ නැඹුරුව   ශක්තිමත් කිරීම තුළින්  යහපත් සමාජයක්,  යහපත්   රටක් නිර්මාණය කර ගැනීම   පහසු වන   බව  වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  අවධාරණය කරන ලදි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අධ්‍යාපනයේ වටිනාකම  මනාව තේරුම්ගත් නායකයෙක් බවද එතුමා ආරම්භ කර  තිබෙන  ජනාධිපති  අධ්‍යාපන ශිෂ්‍යත්ව  වැඩ  සටහන  රටේ  අනාගතය සඳහා  ආයෝජනයක් බවත්  වන්නිආරච්චි මහත්මිය  පෙන්වා දෙන ලදි.

ඊයේ ( 17) ඇඹිලිපිටිය  අධ්‍යාපන කලාපයේ   පාසල්  සිසු දරු දැරියන්  සඳහා  ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදාන  කිරීමේ  උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය  මේ බව පැවසීය.