කෝටි 600 ක කොකේන් විනාශ කෙරෙයි

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය,නාවික හමුදාව,විසින් අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන් වු රුපියල් කෝටි 600 කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත් ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරීයෙදී (11 ) දහවල් සිදු කෙරිණි

එම අවස්ථාවට එක්වු මහජන ආරක්ෂාව පිළිබදව ඇමති ටිරාන් අලස් මහතා මේ වන විට වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුල ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේදී රුපියල් බිලියන 19  ක වටිනාකමකින් යුත් හෙරෝයින්, අයිස් ,කොකේන් ඇතුළු කිලෝ 1890 ක  මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කර ඇති බව පවසා සිටියේය.