ලංවිම ලාභ මල්ලට බිලියන 61ක් වැටෙයි

විදුලි ගාස්තු සංශෝධනයත් සමග ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් (2023) වර්ෂයේ දී රුපියල් බිලියන 61.2ක සැලකිය යුතු ලාභයක් වාර්තා කොට ඇති බැව් ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ.

2016 වසරේ සිට වසර හතක පමණ කාලයක් අඛණ්ඩව පාඩු ලබමින් සිටි විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයත් සමග ඉකුත් වර්ෂයේ බිලියන 61.2ක ලාභයක් වාර්තාකොට ඇත. ඉකුත් වර්ෂයේ අගභාගයේ දී සමස්ත විදුලිබල උත්පාදනයෙන් ජල විදුලියේ දායකත්වය ඉහළ යෑම විදුලි බල මණ්ඩලය විසින් අත්පත් කරගනු ලැබූ කාර්ය සාධනය සඳහා හේතු වී ඇති බව ද මහබැංකු වාර්තාවේ සඳහන් ය.