සී.අයි.ඩීයෙන් ඩයනාට චෝදනා 7ක්

ඊයේ (11දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි පැවසෙන හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා හතකින් යුත් චෝදනා පත්‍රයක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබීය.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (11දා) දින ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම ඇතුළු එකී චෝදනා පත්‍රය සැකකාර ඩයනා ගමගේ මහත්මියට කියවාදීම සඳහා ලබන අගෝස්තු 1 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී කැඳවීමට නියම කළේය.