සමථ මණ්ඩල පැමිණිලිවලින් 70%ක් විසදා අවසන්-ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා

සමථ මණ්ඩල සදහා යොමු වු පැමිණිලිවලින් සීයයට හැත්තෑවක් විසදීමට කටයුතු කර තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මේ බව ඇමතිවරයා ස|හන්  කළේ ජුලි 18 වන දිනට යෙදෙන 34 වන ජාතික සමථ දිනය නිමිති කර ගනිමින් සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් අද පෙරවරුවේ (15) සංවිධාන කර තිබු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.