වැරදි ලිපියකට මහින්දගේ අත්සන ගැහුවේ කවුද?

0

මාපියන්ගේ උරුමය බෙදා ගැනීමට දරුවන් අතර සිදුවන සටන් බොහෝ සිනමාපටවල අප දැක ඇත. ඒවායේදී සිය දෙමාපියන්ගේ උරුමයන් පවරා ගැනීමට දරුවන් ආදරය සහ බලහත්කාරය යොදා ගන්නා ආකාරයද, ලෙඩ ඇඳේදී ඔවුන්ගේ කන අත්සන අවසන් කැමති පත්‍රවලට ලබාගන්නා ආකාරද අප දැක ඇත.
ඒ අනුව පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා නමින් පළ කළ මාධ්‍ය නිවේදනයද, ඔහුගේ දේශපාලන උරුමය එසේ පවරා ගැනීමේ උත්සාහයක්ද? යන සැකය තිබේ.
ඔහුගේ නමින් පළ වූ එම නිවේදනය අනුව 2015 වන විට මෙරට තිබුණේ සුඛිත මුදිත රාජ්‍යයකි. සියල්ල විනාශයට පත්වූයේ 2015 ඔහු පරාජය වීමෙන් පසුවය. එනම් යහපාලනය තුළය.
මේ ගැන පටු දේශපාලන වාද පැත්තකින් තබා මහ බැංකු වාර්තා සසඳා බලමු.

දෙවන වගුවෙන් පෙන්වා දී ඇත්තේ 2015 සිට 2023 දක්වා කාලයේ රටේ ආර්ථිකයේ ප්‍රමාණයයි. එනම් දළ දේශීය නිෂ්පාදිතයයි.
ඒ අනූව 2015 සිට 2019 තෙක් රටේ ආර්ථිකය පැවැතියේ වර්ධනයකය. එම කාලය තුළ මහින්ද මහතාගේ නමින් පළ වූ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන පරිදි ආර්ථික පසුබෑමක් නැත. ආර්ථිකය වර්ධනය වෙමින් තිබිණි.
එහෙත් 2019 සිට ක්‍රමාණුකූලව ආර්ථික වර්ධනය අඩාල වෙයි. දළ දේශීය නිෂ්පාදිතය පහළ වැටෙයි. ගෝඨාභය ආණ්ඩුවේ දෙවසර තුළ ආර්ථිකය අඛණ්ඩව කඩා වැටීම සිදුවේ. මේ ආකාරයෙන් කඩා වැටුණ ආර්ථිකය යළි වර්ධනයේ දිසාවට පැමිණෙන්නේ 2023 වසරෙදි. 2022 වන විට සෘණ අගයක තිබුණු ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වීම ආරම්භ කර, 2023 අවසන් කාර්තුව වන විට ධන අගයකට පැමිණේ. එලෙස වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුය.
මහින්ද මහතාගේ නමින් පළවූ මධ්‍ය නිවේදනයේ එක් කරුණක් නම් නිවැරදිය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ රාජපක්ෂලාගේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කියන එකය. එලෙස නොවුණානම් 2015 සිට 2019 තෙක් රනිල් වික්‍රමසිංහ ආර්ථිකය හැසිරවූ කාලය තුළ ආර්ථිකය වර්ධනය වීමත්, රාජපක්ෂලා ආර්ථිකය හැසිරවූ 2019-2022 දක්වා කාලය තුළ ආර්ථිකය බිඳවැටීමත්, යළි රනිල් වික්‍රමසිංහ ආර්ථිකය හැසිරවීමට පටන්ගත් 2022 අගභාගයේ සිට ආර්ථිකය වර්ධනය වීමත් විය නොහැක.
(මේ වගුව සැකසීමේදී සියලු‍ සංඛ්‍යා සකස්කර ඇත්තේ 2015 කාලයේ ආර්ථිකයට සාපේක්ෂවය, එනම් උද්ධමනය නිසා මේ සංඛ්‍යාවලට සිදුවූ බලපෑම නොසලකාය. තව පැහැදිලි කළොත්, 2015 රුපියලේ අගයෙන් දැන් 2023 රුපියලක වටිනාකම සියයට 42.7කි. එනම් දැන් රුපියලක් 2015 රුපියල් 2.34ක වටිනාකමකි)
මෙම ප්‍රස්ථාරය අනුව වර්ෂයේ තෙවන කාර්තුවක් තුළ වැඩිම ආර්ථික වර්ධනය සටහන් කර ඇත්තේ 2019 දීය. එනම් අද තිබෙන රුපියල්වල වටිනාකමින් රුපියල් බිලියන 8022.5කි. ඒ අනුව 2013 තුන්වන කාර්තුවේ ආර්ථිකය යම් වර්ධනයක් ලැබුවාට පසුත් අපි තවම සිටින්නේ 2019ට වඩා බිලියන් 1115.6ක් අඩුවෙනි. ප්‍රතිශතයක් ලෙස සියයට 13.6ක් පසු පසින්. එමඟින් පැහැදිලි වන්නේ, රටේ ආර්ථිකය ගෝඨාභය අවසන් කළ තැනින් ඉහළට ගෙන ඇති නමුත්, 2019 දී රනිල් රට ගෙන ආ තැනට අපි තවම පැමිණ නැති බවය.

එතැනට පැමිණෙන්න තව කොපමණ කල් යයිද? එතැනට පැමිණෙන්න මොනවද කළයුත්තේ?
2019 සහ 2023 දළ දේශීය නිශ්පාදිතය සංසන්දනය කළ විට මේ තේරුම් ගත හැකිය. 2019 ට සාපේක්ෂව 2023 වසරේ තිබු දළ දේශීය නිශ්පාදිතයේ අඩුව වන බිලියන 1115.6 ප්‍රධාන ක්ෂේත්‍ර හතරකට පහත පරිදි බෙදී යයි.
කෘෂිකාර්මික නිෂ්පාදනය බිලියන 17.5
කාර්මික නිෂ්පාදනය බිලියන 575
සේවා නිෂ්පාදනය බිලියන 174
ශුද්ධ බදු බිලියන 349.5

අනෙක් ක්ෂේත්‍රවලට සාපේක්ෂව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කඩාවැටීම අවම වන අතර වැඩිම බලපෑම වී ඇත්තේ කාර්මික නිෂ්පාදනයට සහ බදු ආදායමටය.
බදු ආදායම වැඩිකිරීමට රජය, උපයන විට බද්ද වැඩි කිරීම සහ බදු අයකිරීමේ ප්‍රතිශතය වැඩි කළද අවශ්‍ය ආදායම ලැබී නැත. රජයට වැට් බද්ද වැඩිකිරීමට සිදුවන්නෙ ඒ නිසාය. වැට් බද්ද වැඩි කළද 2019 අගයට පැමිණීමත් පහසු නැහැ. දැනටමත් බදු බර නිසා පීඩවට පත්ව සිටින ජනතාවට තවත් බදු බර පනවන්නත් නොහැකිය.
මහින්ද මහතාගේ මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදි වැඩිම බදු බර තිබුණු, එනම් වැඩිම බදු ආදායම තිබුණු 2019 වසරේදී අද මෙන් අපහසුතාවයක් ජනතාවට දැනුනේ නැත්තේ ඇයි?
ඒ, එදා රටේ ආර්ථිකයේ තිබුණු ශක්තිය නිසාය. එදා ආනයන සීමා පනවා තිබුණේ නැත. ඒ නිසා වාහන ඇතුලු‍ බොහෝ දේ විශාල වශයෙන් ආනයනය කෙරිණි. එමඟින් විශාල ආනයන බදු ආදායමක් ලැබිණි. ඒ මට්ටමට පැමිණෙන්න නම් ආනයන සීමා ඉවත් කිරීමට සහ ආනයන ඉල්ලු‍ම 2019 මට්ටමට ගෙන ආ යුතුය.
ආනයන සීමා පැනවීමට සිදු වුයේ රටේ විදේශ සංචිත හිදීයාම නිසාය. මේ වනවිට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4000 ඉක්මවා තිබේ. ෂඵත්‍ දෙවන වාරිකය ලෝක බැංකු ණය සහනය සහ ආසියානු සංවර්ධන බැංකුව ලබාදෙන ණය සහනයත් සමඟ මේ අගය තව ඉහළට පැමිණේ, එවිට විදේශ සංචිතවලට හානිකර බලපෑමක් නොවන ලෙස සහ විදේශ විනිමය අනුපාතිකය ස්ථාවරව තබා ගෙන ආනයන සීමා ඉවත් කිරීම සිදුකළ හැකිය. එහෙත් ආනයන ඉල්ලු‍ම වැඩිවෙන්න නම් දේශීය ආදායමත් ඉහළ යා යුතුය. ඒ සඳහා අනෙක් ක්ෂේත්‍ර තුනේමත් වර්ධනයක් ඇතිවීම විය යුතුය. එසේම දැනටමත් එකතුවන එහෙත් රජයට නොලැබෙන බදු ලබාගැනීමට ක්‍රමයක් සැකසිය යුතුයි.
මොනවද මේ දැනටමත් එකතුවන
එහෙත් රජයට නොලැබෙන බදු?

රජයේ බදු ආදායමේ ප්‍රධාන අවස්ථා කිහිපයක් ඇත. ඉන් ප්‍රධාන එකකි රේගු බදු. නමුත් රේගුවේදි රජයට බදු ලෙස ගෙවන ප්‍රමාණය වගේ වටිනාකමක, බදු නොගෙවා සැඟව සිටීමට තෙවන පාර්ශ්ව වෙත සංතෝසම් ගෙවන බව නොරහසක්. මෙය රජයට අය විය යුත්තක්. මෙය නැවැත්වීමට දැන් ඩිජිටල්කරණය සහ ්ෂ තාක්ෂණය යොදාගැනීමට සියලු‍ කටයුතු සකස් කර ඇත. ආගමන විගමන දෙපාර්තුමේන්තුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව වගේ ආයතනවලටත් ඒ පිළියම යොදමින් තිබේ. ඒ වගේම. බදු නොගෙවන අය බදු දැලෙන් රිංගන්නේ දුර්වල නීති නිසා, පවතින නීතිය අනුව බදු නොගෙවා අභියාචනා කළ හැකි අවස්ථා හතරක් ඇත. මේ අවස්ථා හතරටම උපරිම කාලය ගතහොත් කෙනෙක්ට අවුරුදු 15ක් බදු නොගෙවා මඟහැරිය හැකිය. නමුත් දැන් මේ නීති සංශෝධනය කිරීම ආරම්භ කර ඇත. මේ කටයුතු නොපමාව කළහොත් අලු‍ත් බදු පැනවීම් නොමැතිවම බදු ආදායම 30%කින් වත් වැඩිකරගන්න පුලු‍වන.
මේ අතර අනෙක් ක්ෂේත්‍රවලට සාපේක්ෂව, සේවා ක්ෂේත්‍රය ඉක්මනින් ඉහළට පැමිණෙන බව උපකල්පනය කළ හැකිය. මොකද? මේ වසර තුළ සංචාරකයන් ලක්ෂ 13ක් පැමිණීම නිසා මේ අගය ඉදිරි වසර තුළ තවත් වැඩිවන බවක් අපේක්ෂා කළ හැකි නිසාය. එය හෝටල් සහ ආහාරපාන සැපයුම් ක්ෂේත්‍රයේ වර්ධනයට ඉවහල් වෙයි.
ඒත් නිවාස සහ දේපොළ වෙළඳාම ඉහළ යන්න නම් ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ යායුතුයි. රජය බැංකු පොලී අනුපාතය මේ වන විට 11%ක පමණ පහළ මට්ටමට ගෙන තිබේ. ගෝඨාභය යුගය අවසන් වන විට පැවැති 30%ක පමණ මට්ටම, නැවත 2019 පැවැති තැනට අද ගෙනත් තිබේ, මේ අනුව ණය සේවා ලබාගැනීම වැඩි වී දේපොල වෙළඳාම් ක්ෂේත්‍රයේ යම් වර්ධනයක් ඇති කළ හැකියි.
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයත් නිසා විදේශ ණය ලබාගැනීමේ හැකියාව ලැබීමත් සමඟ රජය මැදිහත් වන ඉදිකිරීම් ක්ෂේත්‍රයන්හි වර්ධනයක් මුලින්ම ඇති විය හැකිය. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලැබුණ විගස දැනට නවතා ඇති මාර්ග සංවර්ධන වැඩ ඇරඹීමට රජය සූදානමින් පසුවේ. එසේම මෙවර අයවැයෙන් විමධ්‍යගත මුදල් වෙන්කිරීමත් සමඟ ග්‍රාමීයවද සංවර්ධන වැඩසටහන් නැවත ඇරඹීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයට හේතුවනු ඇත. එහෙත් ඉදිකිරීම් ක්ෂේත්‍රය 2019 පැවැති තත්වයට පැමිණීමට මධ්‍යම පන්තියේ ආදායම තුළ කැපී පෙනෙන වර්ධනයක් ඇතිවිය යුතුය. ඒ සඳහා තවත් වසර දෙකක්’වත්’ගතවනු’ඇත.
කාර්මික නිෂ්පාදනයේ සිදුවී ඇති බිඳ වැටීමේ ප්‍රධාන සාධකය වන ඇඟලු‍ම් හැරුණාම ඉදිකිරීම් ක්ෂේත්‍රය බැලුවිට ඉදිකිරීම් අංශයේ නිෂ්පාදන බිලියන 335.6කි. කැණීම් සහ ගල්කැඩීම් බිලියන 107.8 කි. අනෙකුත් සියලු‍ කාර්මික නිෂ්පාදන බිලියන 111.6කි. මේ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයත් සමඟ ඊට සාපේක්ෂව කාර්මික ක්ෂේත්‍රයේ නැඟීමත් අපේක්ෂා කිරීමට සිදුවේ.
එහෙත් කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඉතා ඉක්මනින් යථා තත්වයට පත්විය හැකිය. මොකද එම ක්ෂේත්‍රයේ කඩා වැටීම පැවැතියේ ඉතා අඩුවෙන් නිසාය, රසායනික පොහොර තහනම ඉවත්වීම සහ නැවත එවැනි විනාශකාරී අත්හදා බැලීම් සිදුනොවන බවට තිබෙන සහතිකයත් නිසා ගොවියන් නැවත් ගොවිබිම්වලට පැමිණිම සිදුවිය. එම නිසා කෘෂිකාර්මික නිෂ්පාදනය මේ වසර අවසානය වන විටම යථා තත්වයට පැමිණීමේ හැකියාව පෙන්වා ඇත.
මේ කරුණු සලකා බැලූ විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආර්ථික උපායමාර්ගය 2015-2019 සහ 2023 යුග දෙක තුළම සාර්ථකවී ඇති බවත් අසාර්ථකවූයේ 2019-2022 පැවති රාජපක්ෂ පාලනයේ ආර්ථික උපාය මාර්ගය බවත් පැහැදිලිය.
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතාද සිය 2015-2019 යුගය අතිසාර්ථක යුගයක් ලෙස හඳුන්වන්නේ නැත. මොකද එහි ඔහු අගමැතිවරයා පමණක් වීම නිසාය. ඔහුට ඔහුගේ ආර්ථික උපක්‍රම නිදහසේ ක්‍රියාත්මක කරන්න එවකට සිටි ජනාධිපතිවරයා ඉඩ ලබාදුන්නේ නැත. එසේම එවකට සිටි ජනාධිපතිවරයා විසින් විටින් විට සිදුකළ බාධා කිරීම්වලට අමතරව රාජපක්ෂලා සමඟ එක්ව දින 52 වැනි සෘජු කුමන්ත්‍රණද සිදුවිය.
නමුත් දැන් විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට රටේ ආර්ථිකය හැසිර වීමේ පූර්ණ බලතල ලැබී ඇත. ඒ නිසා ඔහුට 2015-2019 තිබූ සීමා බිඳගෙන, රටේ ආර්ථික වර්ධනයට විලංගුවක්වී ඇති රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය වැනි කටයුතු සීග්‍රයෙන් කළ හැකිය.
එසේම බලශක්ති ක්ෂේත්‍රයේ විප්ලවයක් සඳහා පිඹුරුපත් ඔහු සකසා ඇත. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඔහුගේ ඉදිරි සැලැස්ම නිර්බාධීව ඉදිරි වසර තුන හතරක කාලය ක්‍රියාත්මක කළහොත් එමඟින් බලශක්ති පිරිවැය අඩුවීම, කාර්මික මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව පිම්මකට මඟපාදනු ඇත. ඒ නිසා ජනතාව කළ යුතුව ඇත්තේ අනාගත නායකයන් වීමට සිහින දකින අයගේ, පිය උරුමය ලියාගැනීමේ අවසන් කැමති පත්‍ර සිනමා පට රාත්‍රීයේදී සතුටින් නරඹා, රසවිඳ උදෑසන අවදිවී තමන්ගේ අනාගතය සුරක්ෂිත වන මාවතේ නිහඩව’ගමන්’කිරීමය.

…..වරා……

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *