ජනපති මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

ඊයේ (21) පස්වරුවේ මහනුවරට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

මෙහිදී ජනාධිපතිවරයා සහ මහනාහිමියන් සුහද කතාබහක ද නිරත විය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇත්තේ.