දියතලාවේ විපතින් මරණ 7 ක් – 4කට බරපතළයි – 24කට තුවාල

දියතලාව, නරියාකන්දේදී ඊයේ (21දා) පැවැති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරකින් ගැහැනු දරුවකු ඇතුළු හය දෙනකුගේ ජීවිත අහිමිවී ඇත. අනතුරත් සමඟ තරගය නැවැත්වීමට සංවිධායකයින් පියවර ගෙන තිබුණි.

ෆෝඩ් රේසර් වර්ගයේ මෝටර් රථ තරගය අතරතුරදී මෝටර් රථ තුනක් එකට ගැටී ඉන් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන පෙරළී මගීන් දෙසට පැමිණ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.