ගුවන් හමුදාපතිගේ නම අමෙරිකා සරසවියක ආදි සිසු ගෞරව නාමාවලියට

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, අමෙරිකා එක්සත් ජනපද ඇලබාමා ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරව නාමාවලියට එක්කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ, මැක්ෂ්වෙල් ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාමලේඛනය (International Honour Roll) සඳහා එම විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ නිලධාරීන්ගේ නම් ඇතුළත් කිරී‌‌මේ උත්සවය එම කඳවුරේ දී පවත්වා ඇත.