නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි  වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

මීට  නුවරඑළියේ ගොවීන් 40 දෙනෙක් තෝරා ගෙන ඔවුන්ට මුල්‍ය ප්‍රතිපාදන, වගාවට අවශ්‍ය ස්ට්‍රොබෙරි පැළ සහ, නව තාක්ෂණය සහ ජලසම්පාදන කටයුතු  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින්  සපයන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වගාව සඳහා  එක් ගොවියකුට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් වැය වන අතර ඉන්  රුපියල් 750,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දීමට කටයුතු යොදා තිබේ.  ඉතිරි ලක්ෂ 6ක මුදල අදාල වගාවෙහි නියුතු ගොවීන් විසින් දරා ගත යුතු වෙයි. ස්ට්‍රොබෙරි වගාව සඳහා  ආරක්ෂිත ගෘහ 40ක් මේ වනවිට සකස් කර ඇතැයි ද මෙම ආරක්ෂිත ගෘහ සියල්ලම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව (Automated) දුරස්ථ පාලන යෙදවුමක් මගින් ක්‍රියාත්මක කළ හැකි බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.