සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (07) නඩු පැවරීය.

නීතිඥ එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා මගින් ඉදිරිපත් කළ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකු , ඇමරිකාවේ යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගම නම්කර ඇත .

මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව( සමාජ මාධ්‍ය පනත යටතේ)මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කරන ලෙසත් තමාට අපහසු වන අයුරින් ප්‍රචාරය කරන ලද වීඩියෝ පටය තවදුරත් ප්‍රචාරය කිරීම තහනම් කරන ලෙසත් පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත .