දයාසිරි – වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා  දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නේය.

අදාල  ශ්‍රමික ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ ආරක්ෂක අමාත්‍යංශයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට  දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ  යන මන්ත්‍රීවරුන් අද කැඳවා තිබිණි.

රුසියාවේ සහ යුක්‍රේනයේ කඳවුරු වල සේවය කිරීමට බව කියා පුවත්පත් වල දැන්වීම් පළ කර රුපියල් ලක්ෂ දහ අට බැගින් ලබාගෙන මෙම ශ්‍රී ලාංකික පිරිස එම රට වලට යවා ඇතැයි ද දයාසිරි ජයසේකර මහතා කීය.