ශ්‍රී ලංකා වොලිබෝල් පිල අද පාකිස්තානයට

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලිය එක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම අද (8) මෙරටින් පිටත්ව යෑමට නියමිතය.

ඉස්ලාමාබාද් නුවරදී මේ තරගාවලිය ලබන 11 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට සත්කාරක පාකිස්තානය, ශ්‍රී ලංකාව සමඟ ඇෆ්ගනිස්තානය, ඉරානය, කිරිගිස්තානය සහ ටර්ක්මෙනිස්තානය ඇතුළත් වෙයි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දීප්ත රොමේෂ්ට හිමිව ඇති අතර ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා කටයුතු කරයි.