සිසුවියන් ලක්ෂ 8කට සනීපාරක්ෂාව වෙනුවෙන්  නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා ගැනීම සඳහා වන තිළිණපත් බෙදාදෙයි.

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදී ඊයේ (06දා) පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව වර්ධනය කිරීම හා සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා ගැනීම සඳහා වන තිළිණපත් බෙදාදීමේ සමාරම්භක උළෙල සිදුවිය.

පාසල් සිසුවියන් ලක්ෂ 08ක් සඳහා මෙම තිළිණපත් ප්‍රදානය සිදුකෙරේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වූ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය තිළිණපත් බෙදාදුන්නාය.