මධ්‍යම පළාතේ ගුරු සේව­යට ගත් 378කට නව පත්වීම් ලැබේ

ඊයේ (19) මධ්‍යම පළාත් සභා ශ්‍රව­ණා­ගා­ර­යේදී ආණ්ඩු­කාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මධ්‍යම පළාත් ගුරු සේව­යට තරග විභා­ග­ය­කින් බඳවා ගත් ගුරු­වරු 378 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදා­නය පැවැ­ත්විණි.

මෙහිදී හය දහ­සක් පමණ වන මධ්‍යම පළාතේ ගුරු පුර­ප්පාඩු සම්පූර්ණ කිරී­මට වූ වැඩ­ස­ට­හනේ දෙවන අදි­යර ලෙස මේ පත්වීම් ප්‍රදා­නය කළ බව මධ්‍යම පළාත් අධ්‍යා­පන ලේකම් මේනක හේරත් මහතා  පැවසීය.