විජයදාස පොහොට්ටුවෙන් ඉවතට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්  අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ඉවත් කිරීමට එම පක්ෂය සූදානම් වන බව වාර්තාවී තිබේ. මේ ප්‍රශ්නය රාජපක්‍ෂ මහතා පසුගියදා ශ්‍රීලනිපයේ සභාපති ධුරය භාර ගැනීම නිසා  මතුව තිබේ.

මේ සඳහා  යෝජනාවක් අද දින (24) පැවැත්වෙන එම පක්‍ෂයේ සමස්ත ලංකා විධායක කමිටු රැස්වීමේදී ගෙනඒමට නියමිතය.