මෛත්‍රීගේ ප්‍රකාශය ද්වේෂසහගත බව කාදිනල්තුමා පවසයි

පෙරේදා (22දා) පැවැති මාධ්‍ය හමුවේදී  පාස්කු ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමාට ලැබුණු ආධාර මුදල් සම්බන්ධයෙන් හෙළි කරන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය ද්වේෂසහගතව සිදු කරන ලද්දක් බව මැල්කම් කාදිනල් කොළඹ අගරදගුරුතුමෝ   පැවසීය.