කුරුලු උණ මෙරටට ඒමට පෙර ලංකාවේ දොර වැසේ

මෙරටට කුරුලු උණ රෝගය වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය ද නතර කර තිබේ.

රටවල් කිහිපයක පැතිරී ඇති ඇති කුරුලු උණ රෝගකාරක වෛසරය මෙරටට ඒම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙන බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.