දකුණු ආසියාවේ දෙවැනි තිරසර සංචාරක ගමනාන්තය බවට සීතාවක පත්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුව ඔස්ට්‍රේලියා, නවසීලන්ත හා ආසියානු සබැදි සමුළුව පසුගියදා පැවැති අතර ඊට සමගාමීව සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හා සීතාවක උද්භිද උද්‍යානය පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස නම් කිරීම සිදු විය.

මෙම උත්සව අවස්ථාව සඳහා  ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය , ශ්‍රී ලංකා  දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වූහ.

මෙම අවස්ථාවට විදේශවලින් පැමිණි සියකට අධික පරිසරවේදීන් එක් විය.