දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඉදිරි කටයුතු සඳහා   යුද හමුදාවේ සහාය ලබා ගැනීමට කළ ඇමැති හරීන්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (25) පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිරි සංවර්ධන කටයුතු යුද හමුදාව වෙතින් ඉටු කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා  ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (25) පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.