ඉන්දීය ධීවරයෝ  සහ නාවික හමුදාව ගැැටී විශේෂ යාත්‍රා  බළගණයේ නාවිකයෙක් මරුට

ඊයේ (25) ඉන්දීය අනවසර ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමකදී ඇතිවූ කලහකාරී තත්ත්වයක් ෙමත නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ නාවිකයකු බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා විසිඅටක් (28) සහ ඉන්දීය ධීවරයන් දෙසිය දාහතර දෙනෙකු (214) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.