කැනඩා  පාර්ලිමේන්තුවේදී පොසොන් සැමරුම් උත්සවයක්

කැනඩා  පාර්ලිමේන්තුවේදී ප්‍රථම වරට පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධාන කළ සැමරුම් උත්සවයක් පැවතින.

එය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍ර අර්යා මහතා විසින් එය මෙහෙයවා  ඇත.

ඊට ඔටාවා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවට පොසොන් උත්සවයේ සංස්කෘතික වැදගත්කම හඳුනා ගනිමින් ශ්‍රී ලාංකේය විහාරස්ථාන සහ ප්‍රජාව සමඟ සහයෝගයෙන් මේ වැදගත් උත්සව අවස්ථාවට එක්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.