රජයේ විධා­යක සේවා ගණයේ නිල­ධා­රීන්ට සේවා කාලය නොස­ලකා   රු. 25,000ක මාසික දීම­නා­වක්

අද (01) දින සිට ක්‍රියා­ත්මක වන පරිදි රාජ්‍ය සේවයේ විධා­යක සේවා ගණයේ නිල­ධා­රීන්ට රුපි­යල් 25,000ක විශේෂ මාසික දීම­නා­වක් ගෙවී­මට රජය තීර­ණය කර ඇත.

මේ දක්වා සේවා කාලය මත පද­නම්ව ගෙවන ලද විශේෂ දීම­නාව වෙනු­වට සේවා කාලය නොස­ලකා රුපි­යල් 25,000ක විශේෂ මාසික දීම­නා­වක් ගෙවී­මට පසු­ගිය (24) වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වී­මේදී තීර­ණය කර තිබේ.

මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජි­නේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනි­න්දෝරු සේවයේ නිල­ධා­රීන්ට ද හිමිවනු ඇත.