පෙට්‍රල් – සුපිරි ඩීසල් මිල බසී

(30) දා  පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල  මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරන ලදි.්‍

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ද, පහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පැවති මිලේම තව දුරටත් පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344 ක් බව ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 355 ක් බව ද එම සංස්ථාව සඳහන් කර ඇත.

ලංකා  සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 317 කි.  භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 කි.