බස් ගාස්තු පල්ලම් බසි

ජූලි 1මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 5.07%කින් පහළ දමන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, රුපියල් 30ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 2කින් අඩු වන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි.