අදත් තැනින් තැන වැස්ස

අද දිනයේ බස්නාහිර ,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව පවසයි.

සවස් කාලයේ  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇති වේ.