ලිට්‍රෝ ගෑස් මිල බසී

ඊයේ (02 දා) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකළ බවත්, ඒ අනුව කි.ග්‍රෑ. 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 3690ක් බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

එසේම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1482 කි.

තවද, කිලෝග්‍රෑම් 2.3ක ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 18කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 694කි.