‘මැතිවරණ නීතිය තාමත් ක්‍රියාත්මක හෙයින් මගේ විධානවලට අවනත වන්න – මැතිවරණ කො.මසාරිස්  පක්‍ෂවලට දන්වයි

දැනට පවතින්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති කාලපරිච්ඡේදයක් බැවින් තමන් කිකුත් කර ඇති විධාන හා චක්‍රලේඛවලට අනුගතව ක්‍රියා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්‍ෂවලින් ඊයේ (02දා) ඉල්ලීමක් කළේය.

මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වා  අවසන්ව නොමැති  නිසා  මැතිවරණ නීතිය තවමත් ක්‍රියාත්මක බවද එම නිසා පක්‍ෂවලට සහ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට රාජ්‍ය දේපළ යොදා ගැනීම තහනම් කරමින් හා රජයේ සේවයට බඳවා ගැනීම්, උසස් කිරීම්, මාරු කිරීම් අත්හිටුවීමට කොමිසමට නියෝග නිකුත් කර ඇති බවද පෙන්වා  දී තිබේ.