අධිකරණ තීන්දුව අනුව ශ්‍රීලනිප නීත්‍යනුකූල ලේකම් දයාසිරි

දයාසිරි ජයසේකර මහතා  අධිකරණයේ තීන්දුව අනුව  කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවා පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යෑම බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා  පැවැසීය.