කාන්තාවන් ’’සවිමත්’’ කරන යෝජනාව අනුමතයි

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ

මෙරට ආර්ථික කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය විවිධ කරුණු හේතුවෙන් අනෙකුත් කලාපීය හා ආසියානු රටවලට වඩා පහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇත. 

2022 වසරේ දී  සිදු කරන ලද මෙරට ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණයට අනුව ආර්ථික  වශයෙන් සක්‍රීය ජනගහනයෙන් 35%ක් කාන්තාවන් වේ.

 මින් ආර්ථීක සහභාගීත්වයේ ස්ත්‍රී – පුරුෂ දායකත්ව අනුපාතවල සැලකිය යුතු විෂමතාවක් නිරූපණය වන බව රජය පවසයි.