හෙන්රි පේද්‍රිස් පිටිය ඉසිපතනයට හිමිවේ

විවිධ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් රැසක් සිටින කොළඹ ඉසිපතන විද්‍යාලයට ක්‍රීඩා පුහුණුවීම් සඳහා ස්ථිර ක්‍රීඩා පිටියක් නොමැති වීම එම ක්‍රීඩාවන්හි නියැලෙන ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට ඉමහත් බාධාවක්ව  ‌පවතින බව රජය පවසයි .  එමනිසා කොළඹ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.