මූලික ණය ගෙවීමට 2028 දක්වා ලැබෙන සහන කාලය නිසා ඩොලර් කෝටි 500ක් රටට ඉතිරියි

ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවද  මෙය රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම සුබ ආරංචියක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශකරන ලදි.

මේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.