16දා  සිට ලයිට් බිල බසී

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා  එලැඹෙන 16 වන දා සිට විදුලි බිල අඩුවීම ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් කරයි.

මෙම මස 15 වන දා  විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳව අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන බව හෙතෙම පැවසීය.

මෙම මස 8 වන දා මේ පිළිබඳව ලිඛිත මහජන අදහස් විමසීමේ කාලය අවසන් වන අතර පසු දින (ජූලි 9) වාචික අදහස් විමසීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරේ.