කොළඹ වරාය ත් කඩිනමින් හරිත වරායක් කිරීමට සූදානම් – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  ලෝකයේ රටවල ප්‍රධාන වරායන් හරිත වරායන් බවට පත්වීමත් සමඟ කොළඹ වරාය ද කඩිනමින් හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට රජය තීරණය කර ඇති බව පැවසීය.

අමාත්‍යවරයා මේ බව චීනයේ ෂැංහායි නාගරික ප්‍රවාහන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වොන්ග් ෂියාඕ ජී මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමඟ  පසුගියදා (02) පැවැති විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශ කරනු ලැැබී ය.

 අමාත්‍යවරයා  පැවසුවේ, 2025 වන විට කොළඹ වරාය හරිත වරායක් බවට පත් කිරීමට සියලුම පියවර ගන්නා බවය.