විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ ‘‘ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු සාර්ථක වීම බලශක්ති ක්ෂේත්රයට ශක්තියක්“බව පවසයි
විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම බලශක්ති ක්ෂේත්රයට ශක්තියක් බව පැවසීය.
ඊයේ (04) මේ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා. ‘‘මෙලෙස ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීමට හැකි වෙනවා. එය බලශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටුවහලක් වෙනවා.“ යැයි ද පැවසීය