මෙවර කතරගම පෙරහරේ අලි කලබැගෑනියෙන් 13කට තුවාල

මෙවර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුළු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

ඊයේ (6)  පෙරහැර ආරම්භ වීමෙන් පසු රාත්‍රි 9.00ට මෙය සිදුව ඇතැයි කතරගම පොලිසිය පැවසීය.

මෙම අවස්ථාවේ පෙරහර නරඹමින් සිටි පිරිස කලබල වී ඒ මේ අත දුවයාමෙන් මෙලෙස තුවාල ලබා තිබේ.

කතරගම රෝහලට තුවාලකරුවන් ඇතුළත් කර ඇති අතර ඔවුන් අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගින් නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසන ලදි.