දරුවන් සඳහා ලබා දෙන ජනාධිපති ශිෂ්‍යත්ව පිළිබඳ නිවේදනයක්

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා )  සහ අ.පො.ස. (උ/පෙළ) අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන් උදෙසා ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු  කලාප අධ්‍යාපන  කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වන අතර එක් එක් දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන දිනයන්, වේලාවන් සහ ස්ථානයන් මෙන්ම එම දිස්ත්‍රික්කයන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ තෝරාගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook  පිටුවෙහි පළ කෙරෙනු ඇත

මෙහිදි අ.පො.ස. (උ/පෙළ) සිසුන් සඳහා මසකට ‍රුපියල් 6000 බැගින් මාස 24ක් සඳහා එක් අධ්‍යාපන කලාපයකින් සිසුන් 60 බැගින් තෝරාගෙන  ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙනු ඇත.