පාතාලය-කුඩු දෙසැම්බරයෙන් ඉවරයි

එළෙඹෙන වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන්  පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන ලදි.

යුක්තිය  මෙහෙයුම කුමන බලපෑම් පැමිණිය ද නතර නොකරන බව  කී අමාත්‍යවරයා  එම කාර්ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ භාරය සිදු කරන බව පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේ පැවති රැස්වීමක් අමතමින් සඳහන් කරන ලදි.