දිවයින පුරා අවදානම් කලාප 13ක ඩෙංගු රෝගීන් 27,755ක්

ගතවූ මාස 6යි දින 7ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 27,755ක් ලෙස වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 9ක් වාර්තා වී ඇතැයි ද එම ඒකකය පවසයි.

මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 13ක් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි ද එම ඒකකය සඳහන් කරයි..

දැනට පවතින වාසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ තවදුරටත් ඩෙංගු රෝගීන් ඉහළ යා හැකි බව පවසන එම ඒකකය පැය 48කට වඩා උණ පවතීනම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ජනතාවට දන්වා සිටි.