ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකික තරුණියක්

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මහමැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට මෙරට සම්භවයක් සහිත කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය තේරීපත්ව ඇත.

එරට ෆෙඩරල් පාර්ලිමේන්තුවට පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව ඇය වේ.

ඇය කම්කරු පක්‍ෂය නියෝජනය කරමින් ඡන්ද 10455 ක් ලබාගනිමින් හෝල්ට් ආසනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට පත්ව ඇත.

මෙහිදි ඇය ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 57.7 කි.

සිය දෙමවුපියන් සමඟ වර්ෂ 1999 දී ඔස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචියට ගොස් ඇති කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය ආහාර සැකසුම් ක්‍ෂේත්‍රයේ නිරත 34 හැවිරිදි තරුණියකි.

ඔස්ටේ්‍රලියානු මහ මැතිවරණයෙන් මෙවර ජයගත්තේද කම්කරු පක්‍ෂය වේ.