අරුණ දර්ශන ඔලිම්පික් අභියසට

ශී්‍ර ලංකා‍වේ අංක එකේ මීටර් 400 කෙටි දුර ධාවන ශූරයා වන එස්. අරුණ දර්ශන මෙවර ප්‍රංශයේ පැරිස් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට අවස්ථාව උදාකර ගෙන ඇත.

2023 ජුලි 01 සිට පසුගිය ජුනි 30 දක්වා වන වසරක කාලය තුළ මීටර් 400 ඉසව්ව තුළ ප්‍රදර්ශනය කළ උපරිම දක්ෂතාව පදනම් කර ගනිමින් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගැනින.

ඊට අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ සහයෝගය ද හිමිවිය.

 එම කාල සීමාව තුළ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ මීටර් 400 තරග ආශ්‍රිතව ප්‍රදර්ශනය කළ දක්ෂතාව පදනම් කර ගෙන මෙම තෝරා ගැනීම සිදුකර ඇත.