ජූලි 8 – 9 දෙදින වර්ජනය නොකළ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක්

වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමට ද, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.