2030 දී තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා රට ගෙනයන  ‘විෂන් 2030’ ජනපතිට පිරිනැමේ

2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

‘විෂන් 2030’ මඟින් මීළඟ වසර පහ තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කුමන දිශාවට ගමන් කළ යුතුද යන්න විග්‍රහ කර තිබේ.

 ඒ වෙනුවෙන් සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවිය යුතු ආකාරය සේම එමඟින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ ‘විෂන් 2030’ මඟින් පෙන්වා දී ඇත.